Tuesday, January 27, 2026


 ඔබේ හුස්ම ගලන්නේ
මගේ හෘද කුහර තුලින් ය

ඔබේ සුවඳ රැඳෙන්නේ
මගේ මනස ගැඹුරේ ය.

ඔබේ දෑස් කාන්තියෙන්
මගේ දෑස් එලිය වන්නේ ය

ඔබේ සිනහවෙන්
මට ද සිනහව සිහිවන්නේ ය

ඔබේ වදනින්
මගේ සිත සැනසෙන්නේ ය

ඔබේ රුවෙන්
මගේ සිත කම්පිත වන්නේ ය

ඔබේ ආදරයෙන්
මගේ ලෝකය පිරෙන්නේ ය.

ඔබේ සතුට
මට ජීවය ගෙනෙන්නේ ය.

සියල්ලම වූ ඔබ
මගේ ජීවිතය වන්නේ ය.

මා යනුවෙන් ලොවෙහි
කොතැනක හෝ
ස්කන්ධයක් වේ ද,
ඒ ඔබ ය.
ඔබම පමණක් ය.

~S®️




2026/01/28





Wednesday, January 14, 2026

 පිටින් කෙතරම්

සුමුදු වූවද,

ඇතුල තනිකර

රළු ය ; පරළු ය...


ගලක් පෙන්වා

මලක් කීවද

එය එසේමය 

පිළිගනු පෙනෙත,

සෑබෑවට එය

මලක් වෙස්

ගත්තේ වෙද,

පෙනෙන තරමට

මුදු මොලොක්

නොවනු 

ඇත ! 


~S®️


2026-01-15




Wednesday, January 7, 2026

 




සූර්යා හිමි
තරින්දාට ය
තරින්දා හිමි
තාරුකාවට ය
ආදරය යනු
අහිමි වීම ය;
අහිමි වන බව දැන
අත්හැරීම ය
නුඹ යනු,
අත්හැරීමට
කියන
තවත්
නමක් ය !

~S®️

2026-01-08