එන්න...අහස දකින්න !!!
තෙමාන
කොපුලත්
කපාන
ගලා යන
දුක් රසැති
ද්‍රාවණ
අන්ධකාරය
පමණක්
දුටු දෙන් !
ඒ හැරුණු විට
දුප්පත්
හිත
දැන උන් දෙන් !
~S®️
2025-12-22
මේ තියෙන ප්‍රශ්න ගැන හිතලා ම
මට හරි මහන්සියි ඇත්තට
මේ ඇහුන ද
පොඩ්ඩක් වත් සැනසිල්ලේ ඉන්න
උඹ මට
ඉඩක් දෙන්නෙම නැද්ද
කියාපං හිත !
2025-12-18
පපුවේ කකියනා කඳුලැල් පොදි තිබුණා
එනමුත් මුව පුරා සිනහා මල් පිපුණා
හැමදා අහසෙ පායන හඳ තව දිලුණා
කම් නෑ සඳේ පාලුව තරුවෙන් මැකුණා
2025-12-14
පුළුන් පොදි මෙන් වලාකුළු මැද
ධවල පැහැයෙන් දිලෙයි පුන්සඳ
එළිය පරදා ගලන රැස්කඳ
පාරාවි මතකයන් පොදි බැඳ
මොර ගගා
පණ කෙන්ද රැක ගන්ට
හුස්ම පොදට
දෙවි දේවතා පිහිට යදින'තුර
සවි දෑත් දිගු වෙන
මහ පොළොව තරං උහුලන
රියල් දෙවිවරුන් ඇත
මිහිපිට මිනිස් වෙස් ගෙන !
2025-12-11